Trending Newsඑසැන පුවත්දේශීය

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගී රථයක් පාවිච්චි කරන ඇමතිතුමා

ගෝල්ෆේස් පිටියේ සුඛෝපභෝගී වාහන පෝලිමක් නවත්වා වාහන සංදර්ශනයක් පෙන්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ වනවිට පාවිච්චි කරන්නේ අධි සුඛෝපභෝගී ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

“මේ ආණ්ඩුව බලයට ආපු ගමන් වසන්ත සමරසිංහ මැතිතුමා මැදිහත් වෙලා, ජනාධිපති ලේකම් කාර්යාලයේ පාවිච්චි කරපු වාහන කියලා වාහන ගෙනල්ලා පෙන්නලා වාහන සංදර්ශනයක් පවත්වලා මේ වාහන ආයෙ පාවිච්චි කරන්නෑ, ඉන්ධන භාවිතය බොහොම අඩු වාහන තමා පාවිච්චි කරන්නෙ කියලා ලොකූ මුසාවාදයක් රටට ඉදිරිපත් කළා. දැන් මං අහන්න කැමතියි වසන්ත සමරසිංහ ඇමතිතුමා පාවිච්චි කරන වාහනේ මොකක්ද ? හරිනි අමරසූරිය අගමැතිතුමිය නම් ඩබල් කැබ් එකේ යනවා. වසන්ත සමරසිංහ ඇමතිතුමා රෙදි ඇඳගෙනද ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් පාවිච්චි කරන්නෙ ?”

Related posts

Volodymyr Zelensky: Comedian to be sworn in as Ukrainian president

Mohamed Dilsad

ஒரு கோடி பெறுமதியான ஹேரோயினுடன் நபரொருவர் கைது

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment