Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රැඳී සිටි යේමනයේ සානා ගුවන්තොටුපළට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සහ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැඳී සිටින අවස්ථාවේ ඊට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ.

ඉන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බවයි විදෙස් වාර්තා පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් පැවසුවේ ප්‍රහාර ආරම්භ වන විට ඔවුන් ගුවන් යානයකට නැගීමට සූදානම්ව සිටි බවයි.

හවුතීන් පාලනය කරන සාබා ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ ඒශ්‍රායල ප්‍රහාරවලින් ගුවන් තොටුපළේදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. නමුත් හමුදා ඉලක්ක වෙත බුද්ධි අංශ පදනම් කරගත් ප්‍රහාර සිදු කළ බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල රැඳවියන් නිදහස් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සහ රටේ සෞඛ්‍ය සහ මානුෂීය තත්ත්වය තක්සේරු කිරීමට තමන් යේමනයේ සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වූ බවයි X හි සටහනක් තබමින් අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් ප්‍රකාශ කළේය. සානා ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාර ගැන සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එම ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දැක තිබේ.

Related posts

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Mohamed Dilsad

Thundershowers expected during next 6-hours

Mohamed Dilsad

2023-24 මහ කන්නයේ, වගා හානි වූ බිම් ප්‍රමාණය අක්කර 100,000 ඉක්මවයි. ● වන්දි ගෙවීමට රුපියල් බිලියන 02ක්

Editor O

Leave a Comment