Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

2023-24 මහ කන්නයේ, වගා හානි වූ බිම් ප්‍රමාණය අක්කර 100,000 ඉක්මවයි. ● වන්දි ගෙවීමට රුපියල් බිලියන 02ක්

(UTV | කොළඹ) –

2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම, රුපියල් බිලියන 02ක් වැය වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. වගා හානි වන්දි ලබා දීම සඳහා රුපියල් බිලියනයක මුදලක් ලැබී තිබෙන බවත්, තවත් රුපියල් බිලියනයක මුදලක් රජයෙන් ඉල්ලීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන්, වගා හානි පිළිබඳව, එම අමාත්‍යාංශයේ දී 25දා පැවති රැස්වීමකදී මෙම කරුණු අනාවරණය විය.

2023-24 මහ කන්නයේ දී අධික වර්ෂාව නිසා වැඩිම හානිය අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම දිස්ත්‍රික්කයේ වන්දි ලබා දීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 800ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි ගණනය කර තිබේ. පසුගිය මහ කන්නයේ දී හානි වූ වගා බිම් ප්‍රමාණය අක්කර 100,000 ඉක්මවා ඇතැයිද සඳහන්.
එමෙන්ම 2024 යල කන්නයේ දී ද වර්ෂාව නිසා වගා හානි රැසක් වාර්තා වී තිබුණු අතර, මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව, අක්කර 15,713ක් වර්ෂාව නිසා හානි සිදුව තිබෙන බවද සඳහන්. ඒ සඳහා වන්දි ගෙවීමට වැය වන මුදල මෙතෙක් ගණනය කර නැත.

මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ගොවිජන සුබසාධනය වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරන බවත්, දේශගුණික වෙනස්වීම් නිසා සිදුවන වගා හානි පසුගිය දශකය තුළ විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි. රට ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටින මෙවැනි අවස්ථාවක වගා හානි වන්දි වශයෙන් රජය විසින් ගොවි ජනතාවට ලබා දෙන වන්දි මුදල කිසිසේත්ම ඔවුන්ගෙන් අය කර ගත් මුදල් නොවන බවද, එම වන්දි නොමිලේ ලබා දෙන වන්දි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

කෝවිඩ් හේතුවෙන් මංගල දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

මහ බැංකුවේ යෝජිත පනත ට එරෙහි පෙත්සම් විභාගයට

Mohamed Dilsad

Prageeth Eknaligoda’s abduction case: Evidence hearing to begin on Feb. 20

Mohamed Dilsad

Leave a Comment