Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරයි.

උසස් පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

2024 උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වුණි. විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත්ය. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588ක් සුදුසුකම් ලබා තිබේ.

ඊට පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Related posts

காலநிலையில் திடீர் மாற்றம்

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තර්ජනයක්

Editor O

පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් ගැන දුන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment