Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂය එකට එකතු වී වැඩ කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

පක්ෂවල ප්‍රශ්න තිබුණත් පළාත් පාලන මැතිවරණයෙන් පසු විපක්ෂයේ පක්ෂ එකට එකතු වී වැඩ කළ හැකි ස්වරුපයකට පත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. එසේ නොවුණහොත් සම්පූර්ණ විපක්ෂයම එක හැන්දෙන් විනාශ වී යන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම නිසා සැබෑ ස්වරූපය දන්නා හැමෝම ජන්දෙන් පසු එකතු වී රට ඉදිරියට ගෙන යා හැකි අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම අවශ්‍ය බව කරුණානායක මහතා පෙන්වා දෙයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විනාශ කරමින් සිටින භූතයෝ දෙන්නා පිළිබඳව ද තීරණයක් ගත යුතුව ඇති බව රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසු එක් අයෙක් පාර්ලිමේන්තුව අල්ලා එජාපය විනාශ කළ බවත් අනෙක් තැනැත්තා ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලා අනෙක් පැත්තෙන් විනාශ කළ බවත් හෙතෙම තවදුරටත් කියාසිටියි.

Related posts

நடிகைகளில் ஸ்ருதி ஹாசன் முதலிடம்

Mohamed Dilsad

Pakistan Soldiers killed in fresh clashes on India border

Mohamed Dilsad

JVP’s Handunnetti appointed COPE Chairman again

Mohamed Dilsad

Leave a Comment