දේශීය

රුසියා ජනාධිපතිගෙන් ලැබුණ ලියුම ගැන මෛත්‍රී කතා කරයි

(UTV | කොළඹ) – රුසියා ආණ්ඩුව තමාට එවූ ලිපියේ සඳහන්ව තිබුණේ කළ හැකි දේ යැයිද රජය ඒ ගැන ක්‍රියා නො කළා නම් කණගාටුවට පත්වන බව ද හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද(4)පැවසීය.

රුසියා ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයෙන් පසු තමා රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අමතා යැවූ ලිපියට දින තුනක් ඇතුළත පිළිතුරු ලිපියක් ලැබී තිබූ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස ලැබුණු ලිපිය තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යැවූ බවද කීය.

රුසියාවෙි පිළිතුරු ලිපියේ සඳහන් දේ කළා නම් නැවත ගුවන් ගමන් මෙන්ම වෙළෙඳ කටයුතු ඇරැඹීමට හැකියාව ලැබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය.

ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වී තිබූ ප්‍රශ්නයේදී ලංකාව කටයුතු කළ ආකාරය වැරදි බවත් අධිකරණයට නොයා රාජතාන්ත්‍රිකව ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට තිබූ බව රුසියාවෙන් එවූ ලිපියේ තිබූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවන බවට පැහැදිලි සහතිකයක් දෙන්නැයි ද එම ලිපියේ සඳහන් වී තිබු බවත් පොහොර හෝ ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියා ආණ්ඩුව සමඟ කතා කළ යුතු නැති අතර රුසියාවේ අදාළ සමාගම් සහ ලංකාවේ අදාල සමාගම් එකඟතාවයෙන් එම ගනුදෙනු සිදු කර ගැනීමට හැකියාව තිබෙන බව ද එම ලිපියේ තිබූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීය.

ඊට පිළිතුරු ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසූයේ තෙල් ගෙනෙන්නට පමණක් නොව හොඳ හිත වර්ධනය කර ගැනීම සඳහා තමා රුසියාවේ සංචාරය කරන බවයි.රුසියා රජයට ලබාදිය යුතු අදාළ ලිපි මේ රුසියන් භාෂාවට පරිවර්තනය කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.

Related posts

විග්නේශ්වරන්ට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරයි

Mohamed Dilsad

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment