දේශීය

MV XPRESS PEARL ඉවත් කරගැනීමේ මූලික කටයුතු ඇරඹේ

(UTV | කොළඹ) – අනතුරට පත් එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV XPRESS PEARL) ඉවත් කර ගැනීම සදහා මූලික කටයුතු ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙනවා.

ඒ අනුව නෞකාව ඉවත් කර ගැනීමට සාගර කලාපයට පැමිණි විශේෂිත නෞකා දෙක මගින් යකඩ කම්බි යොදාගෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉහළට ඔසවාගෙන යාමට බලාපොරොත්තු වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මිය කියා සිටියේ.

මෙම සියලු කාර්යයන් පරිසරයට අවම හානියක් සිදුවන ආකාරයෙන් කිරීමට බලාපොරොත්තු වන බවද දර්ශනී ලහදපුර මහත්මිය සදහන් කළා.

Related posts

ලෙඩ ඇති 20 ට වැඩි අයට අද සිට බූස්ටර් මාත්‍රා

Mohamed Dilsad

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ට සහ ආශ්‍රිතයන්ට විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

විදුලි විසන්ධිවීමක් ගැන හදිසියේ ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment