දේශීය

ගුරු සංගමට තවත් ගැටළුවක්

(UTV | කොළඹ) – 2021 උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සඳහා ගුරුවරුන්ට ලබා දී ඇති දීමනාව සැලකිය යුතු ලෙස අඩුවීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අදහස් දක්වමින් කියා සිටියේ ගුරුවරුන්ට මීට පෙර ලබාදුන් දීමනාව මේ වසරේදීත් ලබාදිය යුතු බවයි.

ඔවුන් එම දීමනාවට වර්ධකයක් බලාපොරොත්තු නොවන බව ඔහු පැවසීය.

එම තීරණය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන් බව පැවසූ ස්ටාලින්, කෙසේ වෙතත් තවමත් පියවර ගෙන නොමැති බවද කියා සිටියේය.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අමුතු දන්සලක්

Editor O

මාලිමාවේ ස්ටිකර් සහිත වාහනයකින්, එළුවන් ගවයන් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක්

Editor O

අනුරුද්ධ සම්පායෝ රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment