Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ ස්ටිකර් සහිත වාහනයකින්, එළුවන් ගවයන් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක්

ජාතික ජන බලවේගයේ ලාංඡනය සහිත මෝටර් රථයකින් මස් පිණිස එළුවන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න සහ බදුරලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

මතුගම පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ මෙම මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී, එහි පසුපස කොටසේ කකුල් බැඳ දමා මස් පිණිස එළුවෙකු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අපරාධ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ බදුරලිය සහ අවට ප්‍රදේශවලින් ගවයන් හා එළුවන් මස් පිණිස නීති විරෝධී ආකාරයෙන් මෙම මෝටර් රථය උපයෝගී කරගෙන ප්‍රවාහනය කර ඇති බවයි. එම සැකකරුවන් මාලිමාවේ අධාරකරුවන් බවද සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ප්‍රංශය ට ගිහින් ආපසු නොපැමිණි පොලිස් නිලධාරියා ට වුණු දේ

Mohamed Dilsad

ජර්මනියේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

“Digital Economic Policy will be implemented in 2017” – Minister Harin Fernando

Mohamed Dilsad

Leave a Comment