දේශීය

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සෙවීමට බුද්ධි අංශය

(UTV | කොළඹ) – පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමට ලැබෙන නිර්නාමික පැමිණිලි සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා තොරතුරු සෙවීමට තීරණය කර ඇත.

ඒ සම්බන්ධ උපදෙස් පොලිස්පතිවරයාට ලබාදුන් බව පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අනුව නිර්නාමික පැමිණිලිවල අන්තර්ගත කරුණු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කර වැරදි කළ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මේ අතර පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස් කොමිසමට ලැබෙන ඇතැම් නාමික පැමිණිලිවල නිසි තොරතුරු සටහන් නොවීමෙන් ඒ පිළිබඳව විමර්ශනයට බාධා මතුව ඇති බව ද පොලිස් කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

එබැවින් පැමිණිල්ලක් යොමු කරන්නේ නම් එය විමර්ශනයට හැකි වන පරිදි දත්ත ඇතුළත් විය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කරන්නන්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

 

Related posts

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්‌

Mohamed Dilsad

කෙතරම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත් “පළමුව ජනතාව”-ජනපති

Mohamed Dilsad

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Mohamed Dilsad

Leave a Comment