දේශීය

රාජ්‍ය ආයතන වෙත අද අලුත්ම චක්‍රලේඛයක්

(UTV | කොළඹ) – විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්සෙන් භාවිත කිරීමට පියවර ගන්නැයි උපදෙස් ලබාදෙමින් රාජ්‍ය ආයතන වෙත අද දිනයේ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම චක්‍රලේඛය අද දිනයේ සියලූ රජයේ ආයතනවලට නිකුත් කරන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම උපදෙස් නිකුත් කිරිමට නියමිතයි.

මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක් අවම කිරීමට උපදෙස් නිකුත් කෙරෙනු ඇති.

මේ අතර අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත නොකරන ලෙසට ද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය ආයතන වෙත උපදෙස් දී තිබෙනවා.

පිට පළාත්වල සිට සාකච්ඡා හා සම්මන්ත්‍රණ සඳහා රජයේ වාහන භාවිත කර නිලධාරීන් කොළඹට කැඳවීම මේ වනවිටත් සීමා කර තිබෙනවා.

Related posts

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවලියේ ඡන්දය විමසීම අද

Mohamed Dilsad

පොල්තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරමින් නව ගැසට්ටුවක් [GAZETTE]

Mohamed Dilsad

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගැන ඇමති නිමල් සිරිපාල ගෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment