දේශීය

අගමැතිගේ තිරුපති සංචාරය ගැන අල්ලස් කොමිෂම විමර්ශනය ඇරඹේ

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ පෞද්ගලික ජෙට් යානයක් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති වන්දනාවට එක්වීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම සංචාරය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවගෙදර මහතා විසින් 2021 දෙසැම්බර් 31 වන දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

මේ අනුව එම කොමිෂන් සභාවේ ලේකම් 2022 පෙබරවාරි 2 වැනි දින ලිපියක් යොමුකරමින් මාධ්‍යවේදී තරිඳු උඩුවගෙදර මහතාට දන්වා ඇත්තේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කොමිසම තීරණය කර ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා අල්ලස් පනතට පටහැනිව පෞද්ගලික ජෙට් යානය තෑග්ගක් ලෙස ලබාගෙන අල්ලසක් ලබා ගත්තේද යන්න සොයා බැලීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

2021 දෙසැම්බර් 23 වන දින, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවිය පෞද්ගලික ජෙට් යානයකින් දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති බලා පිටත් විය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මීට පෙර කියා සිටියේ මෙම තිරුපති සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙකු එම යානය නොමිලේ ලබාදුන් බවයි.

Related posts

දුමින්ද ට පොදුසමාව දීමට එරෙහි FR පෙත්සම් විභාගය ඇරඹේ

Mohamed Dilsad

විශ්වවිද්‍යාල දේශණ යළි ඇරඹෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පිවිසි ජනප්‍රිය චරිත කල සේවය ගැන වාර්තාවක් සකසයි

Mohamed Dilsad

Leave a Comment