දේශීය

ජීව දත්ත ඩිජිටල් IDයට ඉන්දියාවෙන් ආධාර

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියානු ප්‍රතිපාදන ලබාගැනීමට දෙරට අතර, ගිවිසුමකට එළඹීමට නියමිතය.

අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙරට පුද්ගලයින්ගේ ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි.

ඩිජිටල් හා භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි හඳුනාගැනීමක් එම ඩිජිටල් අනන්‍යතා රාමුව යටතේ හඳුන්වා දීමට ද නියමිතය.

2019 දෙසැම්බර් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී එම ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

Related posts

Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

Editor O

උද්ඝෝෂකයින් විසුරුවා හැරීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

අලුත් මුදල් නෝට්ටු සංසරණයට එකතු කරන දිනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment