දේශීය

උසස් පෙළට සියල්ල සූදානම්

(UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

විභාගය අනිද්දා (07) සිට ලබන මස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එහිදී කොරෝනා ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 2,437 ක් පිහිටුවා ඇති අතර, ඒ සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 279,141 ක්.

එමෙන්ම පෞද්ගලික අපේක්ෂකයින් 66,101 ක් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.

Related posts

මතුගමින් ආරම්භවන සියලුම බස් රථ වර්ජනයක

Mohamed Dilsad

කෙහෙළිය ගෙන්වූ ඇස් බෙහෙතින් ඇස් අන්ධ වෙලා නෑ..- සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දෙයි

Editor O

කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාවට ජල බිල්පත් ගෙවීමේදී සහනයක්

Mohamed Dilsad

Leave a Comment