දේශීය

කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාවට ජල බිල්පත් ගෙවීමේදී සහනයක්

(UTV | කළුතර) –  කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කළු ගඟේ ජලයට මුහුදු ජලය එක්වීම නිසා ලවණ මිශ්‍ර වී ජලය ලැබුණු ජනතාවට ජල බිල්පත් ගෙවීමෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ඊට අදාළ ජල පාරිභෝගිකයින්ට සහනයක් ලබාදෙන ලෙස තමන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට යෝජනා කළ බව ද රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා සිටියි.

මේ හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර හා දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පුද්ගලයින් දෙලක්ෂ 15,525 ක් පමණ අසීරුතාවට පත්ව ඇත.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනේ [UPDATE]

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරයට අලුත් කෙනෙක්

Editor O

රාජාංගනයේ තවත් කොරෝනා රෝගීන් හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment