දේශීය

කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාවට ජල බිල්පත් ගෙවීමේදී සහනයක්

(UTV | කළුතර) –  කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කළු ගඟේ ජලයට මුහුදු ජලය එක්වීම නිසා ලවණ මිශ්‍ර වී ජලය ලැබුණු ජනතාවට ජල බිල්පත් ගෙවීමෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ඊට අදාළ ජල පාරිභෝගිකයින්ට සහනයක් ලබාදෙන ලෙස තමන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට යෝජනා කළ බව ද රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා සිටියි.

මේ හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර හා දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පුද්ගලයින් දෙලක්ෂ 15,525 ක් පමණ අසීරුතාවට පත්ව ඇත.

Related posts

MCC ගිවිසුම ප්‍රතික්‍ෂේප කිරීමට සුදානම්

Mohamed Dilsad

තවත් කෝවිඩ්-ආසාදිතයින් 1,902 කට සුවය

Mohamed Dilsad

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් ලක්ෂ 12ක තෑග්ගක්

Editor O

Leave a Comment