දේශීය

උසස් පෙළට සියල්ල සූදානම්

(UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

විභාගය අනිද්දා (07) සිට ලබන මස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එහිදී කොරෝනා ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 2,437 ක් පිහිටුවා ඇති අතර, ඒ සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 279,141 ක්.

එමෙන්ම පෞද්ගලික අපේක්ෂකයින් 66,101 ක් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.

Related posts

අද මහනුවර රථවාහන සැලැස්ම මෙන්න

Mohamed Dilsad

රෝහින්ග්‍ය සරණාගතයන් පිටුවහල් නොකරන ලෙස ජනාධිපති ට ලිපියක්

Editor O

මෙරට භාවිත වන ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

Leave a Comment