දේශීය

උසස් පෙළට සියල්ල සූදානම්

(UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

විභාගය අනිද්දා (07) සිට ලබන මස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එහිදී කොරෝනා ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 2,437 ක් පිහිටුවා ඇති අතර, ඒ සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 279,141 ක්.

එමෙන්ම පෞද්ගලික අපේක්ෂකයින් 66,101 ක් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.

Related posts

කුරුණෑගල නගරාධිපති ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් වැසේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය සංශෝදනය කිරීමට අදාළ නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment