විදෙස්

මරණය සමග සටන් වදින ‘රයන්’ : බේරා ගැනීම අවසන් අදියරට

(UTV |  මොරොක්කෝ) – මොරොක්කෝවේ ළිඳකට වැටී දින 5කට ආසන්න කාලයක් සිරවී සිටින දරුවා ඉන් ගොඩට ගැනීමේ මෙහෙයුම අද (පෙබ. 5) අලුයම වන විට අවසන් අදියරට පැමිණ තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස සිරවී සිටින පස් හැවිරිදි රයන් නමැති පිරිමි දරුවා බේරා ගැනීමේ මෙහෙයුම තවදුරට ත් සිදු කෙරෙමින් පවතින අතර ඊයේ (පෙබ. 4) පස්වරුව වන විට ද ගලවා ගැනීමේ කණ්ඩායම් විදුලි පහන් ආලෝකය යටතේ මීටර් තුනක පමණ උමගක් හාරා එම දරුවා ආරක්ෂිතව ගොඩ ගැනීමට කටයුතු සූදානම් ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අදාළ ප්‍රදේශයේ වැලි සහිත පස හේතුවෙන් පස හෑරීමේදී නාය යාම් අවදානම ඉතා ඉහළ බව ය.

පෙබරවාරි 1 දින රයන් එම ළිඳෙහි මීටර් 32 (අඩි 100)ක පමණ ගැඹුරට වැටී සිරවී තිබිණි.

රයන්ගේ මව මොරොක්කෝ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, ඔහු එම ළිඳ අසල සෙල්ලම් කරමින් සිටි බව ය.

“මුළු පවුල ම එයාව හොයන්න ගියා. එතකොට තමයි අපිට තේරුණේ එයා ළිඳේ වැටිලා කියලා.”

දරුවා ගලවාගැනීමේ කණ්ඩායම් පැය 24 පුරා දරුවා ඉන් ගොඩ ගැනීමේ මෙහෙයුමේ නිතර වී සිටින අතර ඔවුන්ට සහය දැක්වීමට දහස් සංඛ්‍යාත ජනතාවක් අනතුර සිදුවූ ස්ථානය අවට රැස්ව සිටි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

එමෙන් ම, ළිඳ තුළට ඔක්සිජන් සහ ජලය ලබා දීමට ඔවුන් සමත් වී ඇති අතර ඒ තුළට යොමු කර ඇති දූරස්ථ කැමරාවකින් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Related posts

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව රුසියාවට

Mohamed Dilsad

ග්‍රින්ලන්තයේ අයිස් කඳු දියවීම වේගවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment