දේශීය

නාවික හමුදාවේ 71 වන සංවත්සරය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව අද සිය 71 වන සංවත්සරය සමරනවා. ඒ වෙනුවෙන් නාවික හමුදාවේ 1,768 දෙනෙකුට උසස්වීම් පිරිනැමුණා.

දේශයේ පළමු ආරක්ෂක වළල්ල ලෙස නම්දරා සිටින නාවික හමුදාව සිය 71 වන සංවත්සරය අද අභිමානවත්ව සමරනවා. ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන්නේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

මේ යටතේ නාවික හමුදානේ නිලධාරීන් 84 දෙනෙකුට සහ විවිධ තරාතිරම්වලට අයත් නාවිකයින් 1,684 දෙනෙකුට උසස්වීම් හිමිවනවා. අද සහ හෙට දෙදින තුළ ගාලුමුවදොර ඉදිරිපස මුහුදු තීරයේ නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම්ලා තැබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික බලය ජනතාවට දැකබලා ගැනීම සදහායි.

71 වන සංවත්සරය වෙනුවෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ සර්ව ආගමික පිංකම් ද සිදුකෙරුණා. දිවිපිදූ නාවික හමුදා විරුවන්ට පිං අනුමෝදන් කිරීම ද සිදුකෙරුණේ මීට සමගාමීවයි. සර්ව රාත්‍රික පිරිත් දේශනයක් වැලිසර නාවික පරිශ්‍රයේදී ද පැවැත්වුණා.

Related posts

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Editor O

මිය ගිය කාන්තාවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment