දේශීය

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා මුදල් වංචා කළ 4 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකරුවන් 4 දෙනෙකු මාතලේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ හිග විශ්‍රාම වැටුප් හා දීමනා ලබාදීමට සහාය වන බව ප්‍රකාශ කරමින් ඔවුන් මෙම වංචාව සිදුකර තිබෙනවා. මෙසේ හිග මුදල් ලබා ගැනීමට නම් යම් මුදලක් ගෙවිය යුතු බවත් ඒ සදහා මුදල් හෝ රන් භාණ්ඩ වලින් අදාළ ගෙවීම් සිදුකර ඇති බව ප්‍රකාශ කරමින් වංචනික කාර්යයේ නිරතව තිබෙනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් තවත් සැකකරුවන් දෙදෙනෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Related posts

කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 කට අධිචෝදනා

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීමට, අලුතින් නීති සැකසීමට අවධානය

Editor O

Leave a Comment