Trending Newsඑසැන පුවත්දේශීය

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීමට, අලුතින් නීති සැකසීමට අවධානය

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පනත් කෙටුම්පතට අනුකූල නොවන බැංකු නොවන ණය දෙන ආයතනවලට මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමෙන් අනතුරුව වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 50 කට නොවැඩි දඩයකට හෝ වසර පහකට නොවැඩි සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් වීමට සිදුවේ.

යෝජිත ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලබනු ඇත. යෝජිත පනත් කෙටුම්පත මගින් මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම පමණක් නොව, 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත අවලංගු කිරීමට ද අපේක්ෂා කෙරේ.

පනත් කෙටුම්පත මගින් පිහිටුවීමට අපේක්ෂා කරන ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියට එහි වියදම් පියවා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් ලැබෙන රුපියල් මිලියන 100 ක ප්‍රදානයට අමතරව බාහිර මූලාශ්‍රවලින් පරිත්‍යාග සහ ප්‍රදාන පිළිගැනීමේ බලතල ලබාදී තිබෙන බව පැවැසෙයි.

මෙම පනත් කෙටුම්පත පැමිණෙන්නේ ඇතැම් බැංකු නොවන ණය දෙන ආයතන මාසිකව සියයට 1.5 සිට වාර්ෂිකව සියයට 310 ක පොලී අනුපාතයක් සිය පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන බවට එල්ලවන චෝදනා මධ්‍යයේය.

Related posts

Maj. Gen. Sathpriya Liyanage appointed as new Army chief-of-staff

Mohamed Dilsad

UN experts condemn President Trump’s media criticism

Mohamed Dilsad

அமித் ஜீவன் வீரசிங்க மற்றும் 9 பேருக்கு தொடர்ந்தும் விளக்கமறியல்

Mohamed Dilsad

Leave a Comment