දේශීය

කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 කට අධිචෝදනා

(UTV | කොළඹ) – තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 දෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අධිචෝදනා බාර දි තිබේ.

ඒ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

මෙම නඩුවේ 14 වන විත්තිකරුවන අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කන්නාගොඩ මහතාටද අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණද ඔහු පැමිණ තිබුනේ නැති අතර ඔහුට යළි සිතාසි නිකුත් කළේය.

අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර නඩුව ලබන මස 7 වනදා යලි කැඳවීමට නියමිතයි.

 

Related posts

සුජීව සේනසිංහගේ සැප රිය බැඳුම්කරයක් මත නිදහස් කරයි.

Editor O

ටිපර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26⁣ දෙනෙකුට තුවාල

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment