දේශීය

කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 කට අධිචෝදනා

(UTV | කොළඹ) – තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 දෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අධිචෝදනා බාර දි තිබේ.

ඒ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

මෙම නඩුවේ 14 වන විත්තිකරුවන අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කන්නාගොඩ මහතාටද අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණද ඔහු පැමිණ තිබුනේ නැති අතර ඔහුට යළි සිතාසි නිකුත් කළේය.

අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර නඩුව ලබන මස 7 වනදා යලි කැඳවීමට නියමිතයි.

 

Related posts

ඖෂධවේදීන් නැති ඖෂධශාලා 60ක බලපත්‍ර අත්හිටුවයි

Editor O

දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

Editor O

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment