දේශීය

කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළක්වීමට සියලු කටයුතු යොදා අවසන්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළක්වීමට සියලු කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

මේවන විට ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ පිළිබදව ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේබව පැවසීය.

ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා මේපිළිබදව තමාගෙන් විමසා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවත්, මේ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන්ට අදාල රෝග ලක්ෂණ ඇත්නම් වහා දැනුම් දෙන ලෙස මේවන විට දැනුවත් කරන බවත් ඇය සදහන් කළාය.තවද ගුවන් තොටුපළ මේ සදහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද රදවා ඇති බව ඇය පවසා සිටියාය.

මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සදහන් ඇය වැඩිදුරටත් පවසා සිටියේ උණ රෝගයෙන් පෙළුණු චීන ජාතික දරුවෙකු පිළිබද තොරතුරු වාර්තා වුවද, පසුව එම දරුවා  උණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එය සාමාන්‍ය උණ තත්ත්වයක් බව තහවුරු වූ බවයි.

කෙසේ වුවද මේවන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මගීන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙරටට මෙම වෛරසය ඇතුළු වීමට උපරිම පියවර ගෙන ඇති බව තහවුරු කළාය.

 

Related posts

ජනපතිගෙන් කථානායකට සිහිකැඳවීමක්

Mohamed Dilsad

බස්නාහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට සහ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් යෑම වැළැක්වීමට ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

Editor O

Leave a Comment