දේශීය

මහමග කෙළ ගැසුවොත් පොලිස් කූඩුවට

(UTV | කොළඹ) –  මහමග තැනින් තැන කෙළ සහ බුලත් කෙළ ගසනු ලබන පුද්ගලයන්ට එරෙහිව ඊයේ(08) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස, පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට උපදෙස් දුන්නේය.

ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස්ථානාධිපතිවරුන්, පොලිස් පරිසර ඒකක නිලධාරීන් සහ පළාත් පාලන ආයතන මෙන්ම පරිසර, සෞඛ්‍ය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීම පිණිස ගහදී පැවැති වැඩසටහනකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙසේ උපදෙස් දීම සිදු කළේය. මෙම වැඩසටහන රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

තැනින් තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍රතාවක් සහ වර්තමානයේ පවතින කොරෝනා වයිරසය ව්‍යාප්තියට හේතුවන බැවින් මේ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ දී අවශ්‍යතාව මාධ්‍යවේදියකු විසින් පෙන්වා දෙනු ලැබූ අවස්ථාවේ මෙය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව රොෂාන් රාජපක්ෂ මහතා පැවසූ අතර පොලිස් පරිසර කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි මනෝජ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් දඩනීති සංග්‍රහයේ 261 වගන්ති ප්‍රකාරව එම වරදකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවය.

මෙම අවස්ථාවට සහභාගිවී සිටි ගහ නාගරික ඉංජිනේරු ප්‍රසාද් සුරංග යාපා මහතා සඳහන් කර සිටියේ පළමුව, අද සිට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ගම්පහ නගරය පුරා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවය.

Related posts

සේවකයින් වැඩ නොකිරීම රටටම බලපාන පොදු ප්‍රශ්නයක් – ජනපති

Mohamed Dilsad

ජංගම වෙළඳසැල් නිවෙස් අසලටම පැමිණීමේ ක්‍රමවේදය අද(03) සිට

Mohamed Dilsad

ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ මතය එළියට

Editor O

Leave a Comment