දේශීය

ඇතැම් ප්‍රෙද්ශවලට ගිගුරුම් සහිත වැසි

(UTV | කොළඹ) – බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතෙත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Related posts

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

Mohamed Dilsad

ගංජා කිලෝ 3200කට වැඩි ප්‍රමාණයක් සොයා ගනි

Mohamed Dilsad

විදුහල්පතිවරුන්ට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment