ක්‍රීඩා

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තීරණාත්මක තරගය අද

(UTV |  මෙල්බෙර්න්) – ICC ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වනවා.

පළමු වටයේ “A” කාණ්ඩය යටතේ පෙරමුණේ නෙදර්ලන්ත කණ්ඩායම රැදී සිටින අතර නැමීබියානු කණ්ඩායම එම සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ හිමි කොට ගෙන තිබෙන්නේ තෙවන ස්ථානයයි.

මේ හේතුවෙන් සුපිරි 12 දෙනාගේ තරගවටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගැනීම අනිවාර්යය අවශ්‍යතාවක් වනවා.

කෙසේවෙතත් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංක, දුෂ්මන්ත චමීර මෙන්ම ධනුෂ්ක ගුණතිලකට ද ආබාධයන්ට ලක් වීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇතය්

ඒ අනුව ඊට ආදේශක ලෙස බිනුර ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.

Related posts

නුවන් කුළසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

PSL සියළුම තරඟ පාකිස්ථානයේදී පමණක් පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

නිරෝෂන්ට ICCයෙන් තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment