දේශීය

බස් ගාස්තු ඉහළ දැමීමට තීරණයක් නැහැ

(UTV | කොළඹ) – බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නො හැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඒ, ජනවාරියේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, සිය බස් රථවල භාවිත වන ඉන්ධන ප්‍රමිතිය බාල බව පවසමින්.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ පෞද්ගලික බස් රථවලින් 25%ක් භූමි තෙල් භාවිතා කරමින් ධාවනය කරන බවයි.

Related posts

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් විකුම් ලියනගේ

Mohamed Dilsad

MCC අධ්‍යයනයට තවත් සති දෙකක් කල් ලබා දෙයි

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේ

Mohamed Dilsad

Leave a Comment