දේශීය

බස් ගාස්තු ඉහළ දැමීමට තීරණයක් නැහැ

(UTV | කොළඹ) – බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නො හැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඒ, ජනවාරියේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, සිය බස් රථවල භාවිත වන ඉන්ධන ප්‍රමිතිය බාල බව පවසමින්.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ පෞද්ගලික බස් රථවලින් 25%ක් භූමි තෙල් භාවිතා කරමින් ධාවනය කරන බවයි.

Related posts

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල විදුලිය – ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කරමින් චක්‍රලේඛයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරු වන රනිල් සහ මහින්ද, උමන්දාවේ පිංකමක

Editor O

Leave a Comment