දේශීය

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් විකුම් ලියනගේ

(UTV | කොළඹ) – ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ අද (07) දින පත්කරන ලදී.

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් විකුම් ලියනගේ මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය හෙබවීය.

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි ඉටුකළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම ධූරයට පත්කෙරිණි.

Related posts

බස්නාහිර පොලිස් මෙහෙයුමකින් පිරිසක් දැලේ

Mohamed Dilsad

අද සිට විදුලිය කප්පාදු කිරීමට තීරණයක්

Mohamed Dilsad

රේගුවේ නීති තඹයකට නොතැකූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක් ඇතුළු 04කගේ වැඩ තහනම්

Editor O

Leave a Comment