ක්‍රීඩා

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 204යි

(UTV | කොළඹ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 73ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 5ක් ද සමගිනි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 42යි.

පන්දු යැවීමේදී කොදෙව් පිල වෙනුවෙන් වීරසාමි පෙරුමාල් කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.
කොදෙව් කණ්ඩායම මේ වන විට පිළිතුරු ඉනිම සදහා පන්දුවට පහරදීමට ආරම්භ කර තිබේ.

අද මෙම තරගයේ දෙවන දිනයයි.

Related posts

අන්තර් පාසල් රග්බි තරඟයෙන් ඉසිපතනය පරදා ශාන්ත පීතරට ජය

Mohamed Dilsad

ක්‍රිකට් නායකත්වයට සමු දුන් ඇන්ජලෝ මාධ්‍යයට දැක්වූ අදහස්

Mohamed Dilsad

නැමීබියාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment