ක්‍රීඩා

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 204යි

(UTV | කොළඹ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 73ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 5ක් ද සමගිනි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 42යි.

පන්දු යැවීමේදී කොදෙව් පිල වෙනුවෙන් වීරසාමි පෙරුමාල් කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.
කොදෙව් කණ්ඩායම මේ වන විට පිළිතුරු ඉනිම සදහා පන්දුවට පහරදීමට ආරම්භ කර තිබේ.

අද මෙම තරගයේ දෙවන දිනයයි.

Related posts

LPL වෙන්දේසියටත් පෙර ෆාෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට ඇප [UPDATE]

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා ව ජයගනී

Editor O

Leave a Comment