ක්‍රීඩා

නැමීබියාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07 ක ජයක්

(UTV |  ඕමාන්) – පන්දුවාර 20 ලෝක කුසලානයේ නැමීබියාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07 ක ජයක් හිමිවුණා.

තරගය පැවැත්වුණේ අබුඩාබි හිදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 19 යි පන්දු 03 කදී සියල්ලන් දැවී රැස්කලේ ළකුණු 96 ක් පමණයි.

ක්‍රේග් විලියම්ස් 29 ක්ද ජෙරාඩ් එරස්මස් 20 ක්ද රැස්කලා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ළකුණු 25 කට කඩුලු 03 ක්ද / ළහිරු කුමාර ළකුණු 09 කට කඩුලු 02 ක්ද / වනිඳු හසරංග ළකුණු 24 කට කඩුලු 02 ක්ද බිඳ හෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව පන්දුවාර 13 යි පන්දු 03 කදී කඩුලු 03 ක් පමණක් දැවී ළකුණු 100 ක් ලබා තරගය ජයග්‍රහණය කලා.

භානුක රාජපක්ෂ නොදැවී 42 ක්ද අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ළකුණු 30 ක්ද රැස්කලා.

Related posts

මහීෂ් තීක්ෂණ ආබාධයක් ලක්වෙයි

Mohamed Dilsad

නවසීලන්තය රග්බි අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

කඩුලු 6 ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment