දේශීය

එළඹෙන නත්තල් සමයේ රට වසන්නේ නැහැ

(UTV | කොළඹ) – රජයට නැවත රටා වසා දැමීමේ බලාපොරොත්තුවක් නැති බව සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (නොවැ. 30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එළඹෙන උත්සව සමයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා ජනාතාවගෙන් ඉල්ලා සිටියේ ය.

ඔහු සඳහන් කළේ, ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනා ගැනීමත් සමග රටවල් කිහිපයක දේශ සීමා මේවනවිට වසා දමා ඇති බව ය.

සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ආරක්ෂාව ද රඳා පවතින්නේ ජනතාවගේ ආරක්ෂාකාරී හැසිරීම මත බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

Related posts

ජනාධිපතිගේ දේශීය සංචාර ⁣තොරතුරු ඉල්ලීමට තොරතුරු ලබාදීම ප්‍රතික්කේෂ්ප කරයි….

Editor O

මහනුවරට එන්න එපා – මහනුවර දිස්ත්‍රික් ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

Mohamed Dilsad

Leave a Comment