දේශීය

එළඹෙන නත්තල් සමයේ රට වසන්නේ නැහැ

(UTV | කොළඹ) – රජයට නැවත රටා වසා දැමීමේ බලාපොරොත්තුවක් නැති බව සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (නොවැ. 30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එළඹෙන උත්සව සමයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා ජනාතාවගෙන් ඉල්ලා සිටියේ ය.

ඔහු සඳහන් කළේ, ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනා ගැනීමත් සමග රටවල් කිහිපයක දේශ සීමා මේවනවිට වසා දමා ඇති බව ය.

සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ආරක්ෂාව ද රඳා පවතින්නේ ජනතාවගේ ආරක්ෂාකාරී හැසිරීම මත බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

Related posts

සුරාබදු පනත සංශෝධනයට කමිටුවක්

Mohamed Dilsad

මිල්ලන්ගොඩ ජයන්ති ඇතා මිය යයි

Mohamed Dilsad

අපේක්ෂා Express වැඩ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment