ක්‍රීඩා

අන්තර් පාසල් රග්බි තරඟයෙන් ඉසිපතනය පරදා ශාන්ත පීතරට ජය

(උදයම්,කොළඹ)   –  අන්තර් පාසල් රග්බි තරඟයකදී කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කරන්නට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වෙයි.මෙම තරඟය පිට පිට වසර හයක් ජයගෙන ඇත්තේ ඉසිපතන විද්‍යාලයය.
පාසල් ලීග් රග්බි තරගාවලියට අදාළව ශාන්ත පීතර ක්‍රීඩාංගණයේ පැවති මේ තරඟය ඔවුන් ජයගත්තේ ලකුණු 32 ට 15 ක් ලෙසිනි.

මේ අතර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය ඊයේ පැවැත්වුණේ ලොන්ඩන් පෙදෙස සී.ආර්.ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදීය.

එම තරඟය ලකුණු 44 ට 10 ක් ලෙස පහසුවෙන් ජයගන්නට ශාන්ත ජෝසප් ක්‍රීඩකයන් සමත් වුණි.

Related posts

කොදෙව් පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් පත්කරයි

Mohamed Dilsad

20 යි 20 සංචිතයෙන් දෝනි ඉවතට

Mohamed Dilsad

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

Mohamed Dilsad

Leave a Comment