දේශීය

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යළි විවෘතයි

(UTV | කොළඹ) – කෑගල්ල හා කඩුගන්නාව අවට පවතින අධික වර්ෂාව හේතුවෙන් වසා දමා තිබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද පෙරවරු 6.00 ට නැවත විවෘත කෙරුණා.

ඊයේ රාත්‍රී 12 සිටයි එය වසා දමනු ලැබුවේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට යළිත් නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

කළුතර / මහනුවර / මාතලේ / කුරුණෑගල / රත්නපුර / කොළඹ / කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහායි මෙම නායයෑමේ අනතුරු ඇගවීම බලාත්මක වන්නේ.

Related posts

කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළ ට

Editor O

කොරෝනා එන්නත් විශේෂ පෙරහුරුවක් අද ස්ථාන 3 කදී

Mohamed Dilsad

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment