දේශීය

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යළි විවෘතයි

(UTV | කොළඹ) – කෑගල්ල හා කඩුගන්නාව අවට පවතින අධික වර්ෂාව හේතුවෙන් වසා දමා තිබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද පෙරවරු 6.00 ට නැවත විවෘත කෙරුණා.

ඊයේ රාත්‍රී 12 සිටයි එය වසා දමනු ලැබුවේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට යළිත් නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

කළුතර / මහනුවර / මාතලේ / කුරුණෑගල / රත්නපුර / කොළඹ / කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහායි මෙම නායයෑමේ අනතුරු ඇගවීම බලාත්මක වන්නේ.

Related posts

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

පළවන අසත්‍ය වාර්තාවක් ගැන මහබැංකු අධිපතිගෙන් ට්විටර් පණිවුඩයක්

Mohamed Dilsad

ඇමෙරිකා තීරුබදු අඩු කරගැනීමේ මෙහෙයුමේ, විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා මහින්ද

Editor O

Leave a Comment