Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළ ට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ඔක්තෝම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය   2025  ඔක්තෝම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී ඇත.  එය 2025 සැප්තැම්බර් මාසය සඳහා 1.5% ක් ලෙස වාර්තා වී තිබුණි.

2025  ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  3.5% දක්වා  වැඩි වී ඇති  අතර  2025 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 2.9% ක්  ලෙසයි.

එමෙන්ම, 2025 ඔක්තෝම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  1.4%  ක් දක්වා වැඩි වී ඇති  අතර  එය 2025 සැප්තැම්බර් මාසයේ දී 0.7%  ක් ලෙස වාර්තා විය.

Related posts

Minister Rishad Bathiudeen comments on being called “Wilpattu Minister”

Mohamed Dilsad

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන සඳුදා සිට යළිත්

Mohamed Dilsad

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment