Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොලීතීන් බෑග් සඳහා අද සිට බලපාන නීතිය මෙන්න

අතලු සහිත (කොක්ක සහිත) පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද (1) සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවිකිරීමේදී එම වෙළෙඳසැල් විසින් ෂොපිං බෑග් වැනි අතලු සහිත පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතුය.

පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් පොලිතීන් බෑග් භාවිතය අඩු කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගෙන ඇත.

අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පවසා සිටියේ, මින් ඉදිරිය වෙළඳසැල්වලින් පොලිතින් බෑග් නොමිලයේ නිකුත්කරනු නොලැබෙනු ඇති බවය.

“පාරිභෝගිකයා වෙත වෙළෙඳසැල්වලින් නිකුත්කරන අතලු සහිත සිලි සිලි බෑග් සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කළා. එහි සඳහන් පරිදි සිලි සිලි බෑග් නොමිලයේ නිකුත්කිරීම නොවැම්බර් පළවනදා සිට තහනම්. ඒ අනුව වෙළඳසැල්වලින් පොලිතින් බෑග් නොමිලයේ නිකුත්කරනු නොලැබෙනු ඇත.” 

“පාරිභෝගිකයාට යුතුකමක් තියෙනවා පරිසරය සුරැකීමට දායකවීමට. වෙළෙඳසැලකට භාණ්ඩයක් මිලදීගැනීමට යාමේ දී ඒ සඳහා සුදුසු බෑග් එකක් ගෙදරින් රැගෙන යන්න” යැයි පැවසීය.

Related posts

பன்றிக்காய்ச்சல் பரவல் அதிகரிப்பு

Mohamed Dilsad

Funeral of late Dr Lester James Peiris to be held on May 02 under state patronage

Mohamed Dilsad

ලාංකිකයා කෘර ලෙස මරා දැමූ පාකිස්තානුවෝ 100ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment