Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගෙන් සමාව ගනී.

මන්ත්‍රී ජගත් විතාන මහතාට අදාළව තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කනගාටුව පළ කළ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කළේය.

මෙම අදහස් දැක්වීම සිදුකරන ලද්දේ (31) කථානායකවරයා, විපක්ෂ මන්ත්‍රීවරුන් සහ පොලිස්පතිවරයා අතර පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මීට අමතරව, තමාට විවිධ කණ්ඩායම්වලින් මරණීය තර්ජන එල්ල වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවටත් පොලිස්පතිවරයා ප්‍රතිඥා දුන් බව මන්ත්‍රී විතාන මහතා ප්‍රකාශ කළේය.

තවද, ආරක්ෂාව ඉල්ලා සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන බවට කථානායකවරයා සහ පොලිස්පතිවරයා එකඟත්වයකට පත් වූ බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

‘Theravada Tripitaka’ declared a National Heritage

Mohamed Dilsad

China never pursue development at Sri Lanka’s expenses

Mohamed Dilsad

“Moody’s downgrade, massive blow to economy,” Harsha says

Mohamed Dilsad

Leave a Comment