ව්‍යාපාරික

දේශීය සෙල්ලම්බඩු නිෂ්පාදකයින් ඔවුන්ගේ නිශ්පාදන අලෙවි කිරීමේ අරගලයක

(UTV | කොළඹ) – අමුද්‍රව්‍ය වල මිල අධික වීම සහ ජනතාව ප්ලාස්ටික් සෙල්ලම් බඩු වෙත යොමුවීමත් සමඟ ඔවුන්ගේ කර්මාන්තය අභාවයට යනු ඇතැයි පානදුර ප්‍රදේශයේ සෙල්ලම්බඩු නිෂ්පාදකයින් විශ්වාස කරයි.

අතීතයේ සිටම මෙම ප්‍රදේශය දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා නම් දරයි.

පානදුරට නුදුරින් පිහිටි ගමක් වන මාදුපිටිය වැසියන් දිගු කලක සිට ලී සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන අතර, අද වනවිට ඔවුන්ගේ කර්මාන්තය දැඩි දුෂ්කර කාලවකවානුවක් පසු කරයි.

චීනය ප්‍රමුඛ අනෙකුත් විදේශීය රටවලින් ප්ලාස්ටික් සෙල්ලම් බඩු ආනයනය කරන අතර, එම සෙල්ලම් බඩු සදහා තරගයක් දීමට අපහසු වීම එයට හේතුව වී ඇත.

දේශීය සෙල්ලම් බඩු වල මිලට සාපේක්ෂව ඒවායේ නිෂ්පාදන පිරිවැය අඩු වීම හේතුවෙන් ඉතා අඩු මිලකට ඒවා අලෙවි වෙයි.

ලී සෙල්ලම් බඩු නිෂ්පාදකයින් පවසන්නේ ඔවුන්ගේ නිෂ්පාදන පරිසර හිතකාමී වන අතර දරුවන්ට හානිකර ඊයම් හෝ වෙනත් විෂ ද්‍රව්‍ය අඩංගු නොවන බවයි.

ස්වාභාවික අමුද්‍රව්‍ය වන දැව වලින් නිශ්පාදිත සතුන් සහ දැව රූප ශිල්පීන් විසින් සාදා ඇති අතර ඒවා පරිසර හිතකාමී නිශ්පාදන ලෙස ජාත්‍යන්තර වෙළඳපොලේ පිළිගැනේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

ඩිජිටල් ගනුදෙනු පිළිබඳ මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන වාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර – වාහන වායු විමෝචන භාරකාර අරමුදල

Editor O

රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළට

Mohamed Dilsad

Leave a Comment