Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඩිජිටල් ගනුදෙනු පිළිබඳ මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, මෙසේ ද කීවේය. ඩිජිටල් ගනුදෙනුවලදී විශේෂයෙන් අපේ රටේ ගෙවීම් සහ පියවීම් සඳහා විශාල වශයෙන් අවශ්‍ය කරන යටිතල පහසුකම් කාලයක් තිස්සේ සම්පූර්ණ කරලා තියෙනවා. ඔන්ලයින් බෑන්කින්, කිව්ආර් කේත පාවිච්චි කරලා ගෙවන ඒවා රජයේ ගෙවීම්වලටත් රජය විසින් දැන් GovPay කියලා එකකින් යම්කිසි රජයේ සේවාවන්වලට ගෙවන්න පහසුකම් හදලා තියෙනවා. බදු ගෙවීමට පුළුවන් ඒ ආකාරයට. පහසුකම් තියෙනවා. නමුත් අපි දකින්නේ භාවිතය ඉතාම අඩුයි. විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටතට යනකොට අපි දකිනවා විශාල වශයෙන් තවමත් මුදල් විශේෂයෙන් නෝට්ටු සහ කාසි භාවිතයට තමයි හුඟදෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි පහසු විදිහට දකින්නේ. නමුත් ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බැලුවොත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට සහ පාරිභෝගිකයා පැත්තෙන් ගත්තොත් හැමෝටම මේ මුදල් පරිහරණය ඇත්ත වශයෙන්ම අමතර කාලයක් මුදලක් වැය වෙන කාරණයක් හිතලා බැලුවොත්. විශේෂයෙන් බැංකු පද්ධතිය සහ මූල්‍ය ආයතන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරන ආයතනවලට තියෙනවා විශේෂ කාර්යයභාර්යක් මේ වගේ තැන්වලට ඇවිත් ප්‍රවර්ධනය කරනවාට අමතරව මේක යන්න ඕන ගමටම. එහෙම ගියොත් විතරයි මේ ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ. මේකේ අනිසි බියක් තියෙනවා මේ බදුවලට අහුවෙයි කියලා. එහෙම එකක් නැහැ බදුවලට අහුවෙනවා නම් සල්ලිවලින් ගනුදෙනු කළත් බදුවලට අහුවෙනවා නම් අහුවෙනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ.”

Related posts

Pence warns Kim Jong-un not to play Trump

Mohamed Dilsad

போலி கடன் அட்டைகள் பயன்பாடு…

Mohamed Dilsad

UK Top Court rules in favour of Sri Lankan Tamil asylum seeker

Mohamed Dilsad

Leave a Comment