දේශීයවිදෙස්

ස්විට්සර්ලන්තයෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වෙයි

(UTV | ස්විට්සර්ලන්තය) – නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදිතයෙකු ප්‍රථම වරට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වී තිබේ.

ස්විට්සර්ලන්ත ඉතාලි දේශසීමාව ආසන්නයේදී මෙම ආසාදිත පුද්ගලයා හදුනාගෙන ඇති අතර , මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකුටයි.

අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිතව හදුනාගෙන නොමැති අතර මෙම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් හදුනාගෙන ඔවුන් දින 14 ක නිරෝධායන කාලයකට යටත්කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

මොහු ඉතාලියේ මිලානෝවල සිට ස්විට්සර්ලන්තයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 80,427 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගල මරණ 2712ක් වාර්තා වෙයි.

Related posts

අගමැතිවරයෙක් නම් කරන්න – රනිල් කතානායකට කියයි

Mohamed Dilsad

හෙට සහ අනිද්දා දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 ක්

Mohamed Dilsad

අධ්‍යාපනයේ පරිවර්ථනීය වෙනසක් ඇතිකරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment