දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරින් කෝප් කමිටුව හමුවට

(UTV | කොළඹ) – අද (19) පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් පෙනී සිටිමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට එයාර් බස් ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.

අද පස්වරු 02.30 ට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව රැස්වීමට නියමිතයි.

එමෙන්ම හෙට(20) දිනයේ කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නිරෝධායන ප්‍රදේශවල ඡන්ද පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

කොරෝනා මර්දනයට පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන් 100ක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Editor O

Leave a Comment