දේශීය

පාස්කු ප්‍රහාරයේ CID විමර්ශන කඩිනම් කිරීමට බලකායක්

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ විමර්ශණ කොට්ඨාශය කරගෙන යනු ලබන විමර්ශන වල ප්‍රගතිය සොයා බැලීමට  ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.

සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායට විවිධ බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් එහි ප්‍රධානත්වය ගනී.

ඒ සම්බන්ධව වාර්ථාවක් සතියකට වරක් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ඉදිරිපත් කළ යුතු වෙයි.

මෙම විශේෂ කාර්ය සාධක බලකායට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂ, යුධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, ප්‍රථිත්‍රස්ත හා විමර්ශණ අංශයේ අධ්‍යක්‍ෂ සහ පොලිසි නීති අධ්‍යක්‍ෂ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම කාර්ය සාධක බලකායට ඇතුළත් බව සඳහන්.

Related posts

ප්‍රා ස හිටපු සභාපති ඇතුළු 6කට බරපතළ වැඩසහිත සිරදඬුවම්

Mohamed Dilsad

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි

Mohamed Dilsad

මෙරට ප්‍රථම කොරෝනා එන්නත්කරණය ඇරඹෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment