Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති හරිනිට විරෝධය පළකළ ස්ටාලින්, රැස්වීමෙන් පිටව යයි.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවන ආකාරය සම්බන්ධයෙන් ගුරු සංගම් හා අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැතිණි.

අධ්‍යාපන ඇමතිනි සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එම සාකච්ජාව තරමක් උණුසුම් මුහුණුවරක් ගත් අතර ගුරු සංගම් කීපයක් සාකච්ඡාව අතරතුර ඉන් නැගිට ඉවත් වී ගියේය.

ජෝසප් ස්ටාලින් මහතා නායකත්වය දෙන ලංකා ගුරු සංගමයද එසේ ඉවත්ව ගිය කණ්ඩායමකි.

අගමැතිනිය සාකච්ඡාව අවසානයේ කියා සිටියේ නැවත වතාවක් මෙම කණ්ඩායම් මුණගැසී සාකච්ඡා කරන බවත් එහිදී යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අන්තර්ගතයන් ඔවුන් වෙත ලබාදෙන බවක්ය.

සාකච්ඡාවෙන් නැගිට ඉවත්ව ගිය ලංකා ගුරු සංගමය ‍අමාත්‍යාංශය ඉදිරිපිටදී මාධ්‍ය වෙත කියා සිටියේ කිසිදු විධිමත් ලියවිල්ලක් නැතුව මේ ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කිසිදු තේරුමක් නැති බවය.

ජනාධිපතිවරයා විසින් පාසල් වසා දැමීම සම්බන්ධයෙන් සිදු කරන ලද අදහස් දැක්වීමට තමත් දැඩි විරෝධය පළ කළ බවද එහිදී ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේය.

වර්තමාන ආණ්ඩුව පත් කර ගත්තේ 2018 වසරේ පටන් පැවත ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කර ගසන්නද ඔහු තවදුරටත් ප්‍රශ්න කළේය.

Related posts

தரம் ஐந்து புலமைப்பரிசில் பரீட்சைக்கான சில ஆலோசனைகள்

Mohamed Dilsad

Three killed, 2 injured in Embilipitiya accident

Mohamed Dilsad

නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment