දේශීය

නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (30) රාත්‍රී කාලයේදී එම ගින්න හට ගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබු 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විදුලි බිල ගෙවීම ගැන වදවන ඔබට

Mohamed Dilsad

විදුලි බිල සියයට 20%කින් වැඩි කිරීමේ සූදානමක්..!

Editor O

ප්‍රදේශ කීපයකට මිලි මීටර 100 ට වඩා තද වැසි

Mohamed Dilsad

Leave a Comment