Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන වාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර – වාහන වායු විමෝචන භාරකාර අරමුදල

(UTV | කොළඹ) –

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කරයි.

මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කරන ලෙස,  වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා ඉල්ලීමක් කරයි.

ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීමට බොහෝ පිරිස් පෙළඹී සිටිය ද, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බැවින් එම අවස්ථාවක දී අධික දුමක් පිට වන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් එසේත් නොමැතිනම් තහනම් නියෝගයක් රථයට ලැබෙන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Related posts

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත කරයි.

Editor O

ඔමික්‍රෝන් ආසාධිතයින් හොයන විශේෂ පරීක්ෂණයක් හෙට

Mohamed Dilsad

TID officials in Kandy to arrest more suspects involved in Kandy unrest

Mohamed Dilsad

Leave a Comment