Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැය වේවි – රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා උපරිමය රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවනු ඇතැයි රජයේ මුද්‍රණ සඳහන් කරයි. රජයේ මුද්‍රණාලයාධිපති, ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ , ඒ පිළිබඳව මැතිවරණ කොමිෂමට දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩුවිය හැකි බවද ඇය ප්‍රකාශ කළා ය. රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඊට අදාළ පත්‍රිකා මුද්‍රණය සඳහා ලැබෙනු ඇති බවයි. කෙසේ වෙතත් මැතිවරණයකදී රාජ්‍ය නිලධාරින් රාජකාරියට යොදා ගැනීමට අදාළ සංගණන පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර ඇතැයිද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා ය.

Related posts

රාමසාන් සඳහා ඩුබායිහි පාසල් කාලසටහන නිවේදනය කරයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

Mohamed Dilsad

US Acting Assistant Secretary to visit Sri Lanka next week

Mohamed Dilsad

Leave a Comment