දේශීය

සුදුලුණු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතාත් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ලංකා සතොස සමාගමේ සිදුවූ සුදුලුණු වංචාවට අදාලව තවත් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක අයෙක්.

මෙම සැකකරු සතොස ආයතනයෙන් සුදු ලූණු වංචා සහගතව මිළදි ගත් පුද්ගලයාගේ පුත්‍රයා බවයි පොලිසිය සදහන් කළේ.

25 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට පත්වුනේ එම සමාගමට රුපියල් එක් කෝටි දාහත් ලක්ෂ දහනම දහස් විස්සක් වංචා කිරීමට සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කිරීම හා සොරබඩු සන්තකයේ තබා ගැනීම යන වැරදි සිදුකරමින් එම වංචාවට ආධාර අනුබල දීම චෝදනාව යටතේයි.

සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 309ක්

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හම්බන්තොටට

Mohamed Dilsad

Leave a Comment