දේශීය

එරාවුර් තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරිගේ වැඩ තහනම්

(UTV | කොළඹ) – මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

වැඩ තහනම් කෙරුණු එම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

රථවාහන අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් තරුණයින් දෙදෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වුණා.

පහරදීම සිදුවන්නේ මඩකළපුව එරාවූර් කලපුව පාරේ ආහාර වෙළෙඳසැලක් ඉදිරිපිටදීයි. රිය අනතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කළ බවට මෙම යතුරුපදිකරුට චෝදනා එල්ලවී තිබුණා.

එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණ ද එය නොතකා අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති බවයි වාර්තා වුයේ.

Related posts

රැකියා විරහිත උපාධිධාරීන්ගේ නාම ලේඛණය අන්තර්ජාලයට

Mohamed Dilsad

තොරතුරු කොමිෂමට සභාපතිවරයෙක් පත් කරයි

Editor O

නිවැසියන් කාමරයක සිරකර නිවස කොල්ලකයි

Mohamed Dilsad

Leave a Comment