දේශීය

UPDATE – ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

(UTV | කොළඹ) – මිල ඉහළ ගිය ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රීයේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමූ අතර කෙසේ වෙතත් අද දිනයේ එහි මිල රුපියල් 75 කින් අඩු කර ති​බේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,675 ක් වෙයි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඊයේ රාත්‍රියේ ඉහළ දැමූ අතර අද දිනයේ එය රුපියල් 30 කින් අඩු කර ති​බේ.

එහි නව මිල වන්නේ 1,071 ක් වෙයි.

කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231 කින් ඊයේ රාත්‍රියේ ඉහළ දමූ අතර අද දිනයේ එය රුපියල් 14 කින් අඩු කර තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 506 ක් බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටියි.

Related posts

වී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්

Mohamed Dilsad

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

Mohamed Dilsad

Leave a Comment