දේශීය

වී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05කින් වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

 

පසුගිය 2020 සහ 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිලදී ගත් වී තොග අතුරුදන්වීමක් සිදුව ඇති බවට වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත පැමිණිලි කර තිබුණි.

 

වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රදේශීය කාර්යාලවල ඇතැම් නිලධාරීන් ද සම්බන්ධ බවට ඔවුන් විසින් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා 05ක මිල දී ගත් වී තොග අතුරුදන් වී තිබු අතර එම තොගවල වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වන බව වාර්තා වෙයි.

 

ඒ අනුව තමාට වාර්තාවක් ලබාදෙන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් ලබා දී තිබේ.

 

මේ සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ විමර්ශන අංශය හරහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

Related posts

කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට සිර දඬුවමක්

Mohamed Dilsad

යහපත් ජීවන රටාවකට මග, කිතුදහම පෙන්වා දෙයි

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා හේතුවෙන් ලංකාවේ රුධිර කැටි ගැසීමේ සිදුවීම් 06 ක් – මරණ 03 ක්

Mohamed Dilsad

Leave a Comment