දේශීය

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍යකර්ම තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ, වෛද්‍ය අර්ජුන තිලකරන්ත මහතා මීට පෙර සඳහන් කර තිබුණි.

නමුත් ඒ මහතා අද (29) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එම තීරණය අත්හිටුවා ඇති බවය.

රෝහලේ සිදුකරන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය පොරොන්දු බව ඔහුගේ නිවේදනයේ සඳහන්වේ.

එබැවින් දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ඩලස් ට

Mohamed Dilsad

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

ශ්‍රී දළදා මාළිගාවේ පළමු රන්දෝලි පෙරහර අද

Mohamed Dilsad

Leave a Comment